රෂිකා හෙන්නායක අගෝස්තු 20, කොළඹ LNW :
ශ්‍රී ලංකා රේගුව හරහා ආනයනික භාණ්ඩ නිදහස් කරගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.
මුදල් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන මෙම කඩදාසි රහිත නව පද්ධතිය ලබන ඔක්තෝබර් පළමුවැනිදා සිට නිල වශයෙන් ආරම්භ වීමට නියමිතය.
මෙතෙක් පැවති ලිපි ලේඛනවල මුද්‍රිත පිටපත් ලබාදීමේ ක්‍රමය වෙනුවට, මින් ඉදිරියට සියලුම අදාළ ලියකියවිලි පරිගණක පද්ධතියක් ඔස්සේ සෘජුවම ඉදිරිපත් කිරීමට ආනයනකරුවන්ට අවස්ථාව ලැබේ.
රාජ්‍ය පාලන කටයුතු නවීකරණය කිරීමේ පියවරක් ලෙස සැලකෙන මෙමගින් අනවශ්‍ය ප්‍රමාදයන් මඟහරවා ගනිමින් වඩාත් විධිමත් සේවාවක් සැපයීම අපේක්ෂා කෙරේ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා විසින් තහවුරු කරන ලද මෙම වෙනස, මෙරට ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ වැදගත් සන්ධිස්ථානයකි.


