PHIලා හෙට ලෙඩ නිවාඩු

Date:

හෙට දිනයේදී අසනීප නිවාඩු වාර්තා කිරීමට ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ විධායක සභාව රැස් වී මෙම තීරණය ගෙන තිබේ.

පිළිකාකාරක අඩංගු ත්‍රිපෝෂ මහජනතාවට ලබා දී ඇති බවට මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පසුගියදා අනාවරණය කළ අතර ඉන් අනතුරුව ඔහු ඉලක්ක කර ගනිමින් මර්දන ක්‍රියාවලියක සෞඛ්‍ය බළධාරීන් නිරතව සිටින බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මතුකළ ගැටලුව විසඳීම වෙනුවට ගැටලුව මතුකළ පුද්ගලයා මර්දනය කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළකිරීම සඳහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...

දිට්වා ආපදාවෙන් උන්හිටි තැන් අහිමි වූ කඳුකර ජනතාව ඉන්න තැනක් ඉල්ලා කොළඹට එයි! (PHOTOS)

කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය...

රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන...

සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...