ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:එල් නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (24) දින නිකුත් කර තිබෙන නවතම නිවේදනයේ දැක්වෙයි.
එලෙස බලපෑමට ලක්ව ඇත්තේ අම්පාර, බදුල්ල, මඩකලපුව,මොණරාගල,පොළොන්නරුව,රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කය.
එම දිස්ත්‍රික්ක 7හි ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 23ක් වියළි කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් පවුල් 25,628ක පුද්ගලයෝ 81,865ක් බලපෑමට ලක්ව සිටිති.
ඒ අනුව ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20කට පානීය ජලය බෙදා හැරීමටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.
වැඩි වශයෙන් පානීය ජලය බෙදා හැර ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයට වන අතර එහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක පවුල් 10,264ක පුද්ගලයින් 33,023 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමට කටයුතු අකර ඇත.
එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පවුල් 9,547ක් ඇතුළත් පුද්ගලයින් 28,523කට පානීය ජලය බෙදා හැරීමටද පියවර ගෙන ඇති බව සඳහන්.
අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02ක පීඩාවට පත් පවුල් 2,537ක පුද්ගලයින් 7,882ක් සඳහාද වැඩි වශයෙන් පානීය ජලය බෙදා හැරීමටද පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයේ දැක්වෙයි.


