22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් 21ක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24 , කොළඹ LNW :

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 21 ක් ගොනු වී තිබේ.

විවිධ සංවිධාන, නීතිඥවරුන් සහ විද්වතුන් විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම් මගින් පෙන්වා දෙන්නේ යෝජිත සංශෝධනය හරහා ජනතා පරමාධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බාධා එල්ල වන බවයි.

මෙම සංශෝධනය බලාත්මක කිරීමට පෙර ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.

නීතිමය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් මේ සඳහා මැදිහත් වී සිටින අතර, පනතේ අන්තර්ගතය සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි අවධානයක් සහ විරෝධයක් ගොඩනැගී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන...

රු. බිලියන 13.8ක වංචාවට සුදු හුණු ගෑමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉඩ නොදිය යුතුය – ආචාර්ය හර්ෂ

ස්වාධීන බැංකු කරුවෙකු විසිනි. ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ මෙම...

2026 මෙවර නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : දකුණු...

පාදුක්ක දුම්රිය ස්ථානයට සම්මානයක්!

කොළඹ LNW:කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙහෙයවන ලද...