“Welcome to Our Mosque” සංහිඳියා වැඩසටහන සහ අල්-හිලාල් විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ.

රෂිකා හෙන්නායක අගෝස්තු 24 , කොළඹ LNW :

​42 වන ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ තෙවන දිනය වන අද (අගෝස්තු 24) මීගමුව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් විශේෂ වැඩසටහන් ත්‍රිත්වයක් සාර්ථකව පවත්වන ලදී.

​ජාතික මීලාද් පාසල් ප්‍රදර්ශනය ඇරඹීම

අද දවසේ පළමු වැඩසටහන ලෙස “ජාතික මීලාද් පාසල් ප්‍රදර්ශනය” මීගමුව අල්-හිලාල් මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී ආරම්භ විය. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසිංහ මහතා, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා, මීගමුව නගරාධිපති දුලීප් චාමර, නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ෆසීර් යන මහත්වරුන්, මෙනම මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.එම් නවාස් මහතා සහ ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

​
“Welcome to Our Mosque” සංහිඳියා වැඩසටහන.

දවසේ දෙවන වැඩසටහන ලෙස ආගමික සහජීවනය හා අවබෝධය තහවුරු කෙරෙන “Welcome to Our Mosque” වැඩසටහන මීගමුව, පෙරියමුල්ල ප්‍රධාන ජුම්මා මස්ජිදයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ආරාධිත සියලු මැති ඇමතිවරුන් සහ නිලධාරීන් සහභාගී වූ අතර, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය කේ.එස්.එන්. අබේසිංහ, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන් ඇතුළු ආගමික නායකයින් හා සිවිල් නියෝජිතයින් රැසක් මෙයට එක්ව සිටියහ.

​
අල්-හිලාල් විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම.

අනතුරුව 42 වන ජාතික මීලාද්-උන් නබි ප්‍රධාන රාජ්‍ය මහෝත්සවය පැවැත්වීමට නියමිත මීගමුව අල්-හිලාල් මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවය පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා දූ දරුවන් සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන...

රු. බිලියන 13.8ක වංචාවට සුදු හුණු ගෑමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉඩ නොදිය යුතුය – ආචාර්ය හර්ෂ

ස්වාධීන බැංකු කරුවෙකු විසිනි. ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ මෙම...

2026 මෙවර නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : දකුණු...

පාදුක්ක දුම්රිය ස්ථානයට සම්මානයක්!

කොළඹ LNW:කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙහෙයවන ලද...