ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ අද (25) අලුයම දිවයිනට රැගනවිත් තිබේ.
ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර ඇති, දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම සැකකරු පසුගියදා ඩුබාහි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට තිබිණි.
බස් ලලිත් නමැති මෙම පුද්ගලයාට එරෙහිව අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් රතු නිවේදනය බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මඟින් ලබා ගෙන ඇති අතර, මොහු මිනී මැරීමේ වරදට අධිකරණයේ පෙනී නොසිටීමේ වරද යටතේ කොළඹ මහාධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ද නිකුත් කර ඇත.
2021.09.20 දින නෙලුන්තුඩුව පදිංචි පුද්ගලයෙකුටග් නිවස ඉදිරිපිටට ගොස් වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ද විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.
2022.10.16 දින පුද්ගලයින් තිදෙනෙකු කපා බරපතලළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ද අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් බස් ලලිත්ට එරෙහිව නිකුත් කර ඇත.


