සටහන – පුලී
අගෝස්තු 26, LNW (කොළඹ): UAE හි උපත ලැබූ කේරළයේ Mavelikkara ප්‍රදේශයේ 19 හැවිරිදි Kaziah Liz Mejo, Miss Universe India 2026 කිරුළ දිනාගෙන තිබේ.
ඉකුත් අගෝස්තු 23 වැනිදා ඉන්දියාවේ Jaipur හි Zee Studios හි පැවති අවසන් තරගයේදී, ඉන්දියාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කළ තරගකාරියන් 53 දෙනෙකු අභිබවා යමින් Kaziah මෙම ජයග්‍රහණය හිමිකර ගත්තාය.
ඒ අනුව මෙවර Miss Universe India කිරුළ හිමිකරගත් Kaziah, ඉදිරියේදී ඉන්දියාව නියෝජනය කරමින් 75 වැනි Miss Universe ලෝක රූ රැජින තරගයට සහභාගී වීමට නියමිතය.

එම තරගය නොවැම්බර් මාසයේ Puerto Rico හිදී පැවැත්වීමට නියමිත අතර, ලොව පුරා රටවල් රැසක නියෝජිතවරියන් එහිදී තරග වදිනු ඇත.
අවසන් තරගයේදී Miss Universe India 2025 Manika Vishwakarma විසින් Kaziah වෙත කිරුළ පළඳවනු ලැබීය.
මෙවර අවසන් තරගයේ විනිශ්චය මණ්ඩලයට හිටපු Miss Universe Sushmita Sen, හිටපු Miss Universe India ජයග්‍රාහිකාවන් වන Urvashi Rautela සහ Celina Jaitly, Miss Universe India 2024 Rhea Singha මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකා Pragya Kapoor ඇතුළත් වූහ.
Kaziahගේ ජයග්‍රහණය කේරළයටද විශේෂ සන්ධිස්ථානයක් වන අතර, 19 හැවිරිදි ඇය දැන් ඉන්දියාවේ බලාපොරොත්තුවක් ලෙස ලෝක Miss Universe වේදිකාවට පිවිසීමට සූදානම් වෙයි.

