නන්දලාල් මැතිතුමනි, ඔබ නිවැරදියි. ඔහොම්ම කරගෙන යන්න … !

Date:

සාමාන්‍යයෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සේවය කරන බොහෝ අයගේ සිහිනය වන්නේ ශ්‍රී ලංකා මහබැංකුවේ රැකියාවක් ලබාගැනීමයි. ශ්‍රී ලංකා මහබැංකුවේ රැකියා ලැබුණු අයෙකු ලේසියකින් එය අත්හැර යන්නේ නැත.

එසේ වෙතත් වත්මන් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පසුගිය අප්‍රේල් මාසයෙහි එම තනතුරේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා මහබැංකුවේ ඉහළ නිලධාරීන් 37 දෙනෙකු තම තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම තවදුරටත් බොහෝ නිලධාරීන් දිනපතාම සිය ඉල්ලා අස්වීම් සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

රටේ පවතින ආර්ථික අර්බුදය අනුව ලෙඩා මැරෙන බව මේ වනවිට පැහැදිලිව පෙන්නුම් කෙරෙමින් තිබේ. එහෙයින් තවදුරටත් ඔය ආයතන නඩත්තු කිරීමට විශාල වියදමක් දැරීමේ තේරුමකුත් නැති තරම් ය. ඒ අර්ථයෙන් යුතුව නන්දලාල් වීරසිංහ මහතා මහබැංකුවේ බුද්ධි ගලනයකට පාර කපා බලා සිටිනවාදැයි අප දන්නේ නැත.

නන්දලාල් වීරසිංහ මැතිතුමනි, එසේ කරනවා නම් ඔබ නිවැරදිය. ඔබට ඇත්තේ ඔහොම්ම කරගෙන යාමට ය.

ඔබ නිවැරදි බව කියන්නේ අපත් නොව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ය. ඔබ විසින් ශ්‍රී ලංකාව ණය ගෙවාගත නොහැකි බංකොලොත් රටක් බව ප්‍රකාශයට පත් කළ මොහොතේ සිටම ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියන්නේත් මහබැංකු අධිපතිතුමනි, ඔබ නිවැරදියි කියා ය …

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...