වැඩිහිටි දීමනාවටත් තට්ටු වෙයි – මේ මාසෙට මුදල් වෙන් කරලත් නෑ !

Date:

වයස අවුරුදු 70 ඉක්මවූවන් සඳහා රජය මගින් ලබාදෙන වැඩිහිටි දීමනාවේ සැප්තැම්බර් මස වාරිකය මේ දක්වා ගෙවා නොමැති බව වාර්තා වේ. මේ හේතුවෙන් ජ්‍යෙෂ්ට පුරවැසියන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටී.

කිසිදු ආදායමක් නොලබන හා අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා මෙම දීමනාව ලබාදෙන අතර බොහෝ වැඩිහිටියන් රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම වැනි අත්‍යවශ්‍ය වියදම් සඳහා මෙම දීමනාව භාවිතා කරයි.

වැඩිහිටි දීමනාව ලෙස මසකට රුපියල් 2000 ක දීමනාවක් හිමිවන අතර සෑම මසකම 15 – 22 අතර කාලසීමාවේදී තැපැල් කාර්යාල හරහා මෙම දීමනාව ලබාදීමට සිදු වේ. අදාල කාලසීමාව ඉක්මවා ගොස් ඇති නමුත් සැප්තැම්බර් මසට අදාල දීමනාව මෙතෙක් ගෙවා නොමැත.

වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ තැපැල් කාර්යාල හරහා ලබාදුන් මෙම දීමනාව මෙම මාසයේ සිට සමෘද්ධි බැංකු හරහා ලබාදීමට තීරණය කර ඇති බවයි.

මෙම මාසය සඳහා තවමත් මුදල් වෙන්කර නොමැති බවත්, කෙසේ නමුත් හැකි ඉක්මනින් වැඩිහිටි දීමනාව ලබාදීමට කටයුතු කරන බවත් වැඩිහිටි ලේකම් කාර්යාලය පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...