සනත් නිශාන්තට සිතාසි – අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග

Date:

ලබන ඔක්තෝබර් 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙත සිතාසි නිකුත් කර තිබෙනවා. අභියාචනාධිකරණය අද මෙසේ සිතාසි නිකුත් කළේය.

සනත් නිශාන්ත මහතා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී අධිකරණයට අපහාස වන අන්දමේ ප්‍රකාශ සිදුකළ බවට අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පැමිණිල්ල අද නිශ්ශංක බන්දුල කරුණාරත්න, ආර්. ගුරුසිංහ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබිණි. ප්‍රියලාල් සිරිසේන, විජිත කුමාර යන නීතිඥයන් විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.

අදාල චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීම සඳහා ඔක්තෝබර් 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිමින් හේතු දක්වන ලෙසයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ඉකුත් මැයි මස 09 වනදා ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුකරයක් ගොනුකර ඇති බවත් එහි සැකකරුවකු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා නම් කර ඇති බවය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදා හළ බවත් පෙත්සම්වල සඳහන් වේ.

එසේ තිබිය දී අගෝස්තු මස 23 වනදා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වගඋත්තරකාර සනත් නිශාන්ත අරගලකරුවන්ට මහෙස්ත්‍රාත්වරු ඇප ලබාදීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළකොට ඇතැයිද පෙත්සම්වලින් චෝදනා කර තිබේ.

මෙම ප්‍රකාශය හේතුවෙන් වගඋත්තරකාර සනත් නිශාල්ත මහතා අධිකරණයේ ගෞරවය හෑල්ලුවට ලක්කර ඇති බවත් නීතියේ අභියෝගයට ලක්කොට ඇති බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවන්, අදාල ප්‍රකාශය හරහා මහජනතාව අධිකරණය කෙරෙහි තබා තිබෙන විස්වාසය බිඳහෙළීමට ක්‍රියා කර ඇති බවද ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...