අපිට බිංදුවෙන් පටන් අරගෙන සීයටත් යන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා

Date:

ආසියානු ක්‍රිකට් 20/20 කුසලානය සඳහා අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මුණ ගැසීමට නියමිතයි.මෙවර තරගාවලියේ පළමු තරගය එයයි.අද තරගය ගැන ජයග්‍රහණය ගැන ශ්‍රී ලංකාව කෙරෙහි තියෙන විශ්වාසය 12% ක් පමණයි.ඒත් ආසියානු කුසලාන 20/20 තරගයේදී තරගාවලිය ජයග්‍රහණය සම්බන්ධයෙන් ප්‍රතිශත දැක්වීමේදී ශ්‍රී ලංකව සම්බන්ධයෙන් දක්වා තිබුණේ 0% විදිහටයි.

ඒ දේ වෙනස් කරපු ශ්‍රී ලංකාවෙ කොල්ලන්ට කොයි විදිහකටවත් දෙවැනි නොවී කෙල්ලන්ට තියෙන්නෙ මේ සියයට 12 කතාව ඉදිරියට යන්න යන්න 100% කරගන්න එක.ඒක බැරි නැහැ.විශේෂයෙන් ඉන්දියාවේ තරගයේදි වැඩි අවධානයක් දෙන්න වෙන්නෙ කණ්ඩායමේ පිතිකරු බල ඇණිය ශක්තිමත් කිරිමටයි.
ලෝකයේ සිටින ප්‍රාහාරත්මකම ආරම්භක පිතිකාරියක් වන චමරිට පුළුවන්නම් පියවර දෙකක් විතර කණ්ඩායම ගැන හිතලා පස්සට එන්න ඇය මුලින් දැවි ගියොත් කන්ඩායම පිට ඇතිවන “දැන් ඉවරයි” හැඟීම පසෙකට කරලා මැද පෙළින් කණ්ඩායම ශක්තිමත් කරන්න කරන්න දායක විය හැකියි.එසේම පන්දු යැවීමේදි මෑත කාලයේ ඉන්දියාව හමු වූ විටත් පහසුවෙන් ඉනදීය ක්‍රීඩිකාවන්ට ඉනෝකා රණවිරට සහ ඕෂධි රණසිංහට මුහුණ දෙන්න හැකියාව නොලැබුණු බව අමතක නොකළ යුතුයි.ඒ නිසා ඔවුන් දෙදෙනා ප්‍රමුඛ කරගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නියන්ගෙන් උදව් ගැනීම වැදගත්.ඒ වගෙම ඒ සෑම අවස්ථාවකම ඉන්දීය ලකුණු පූවරුව දැවන්ත නොවුණ අතර ගැටළුව පැවතියේ ශ්‍රී ලංකා පිතිකරු බල ඇණිය දුර්වලවිමයි.

එසේම ඉන්දීය ක්‍රීඩිකාවන් කඩුලු අතර දිවීමේදී දක්වන කුසලතාවය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් දකින්නට ලැබෙන්නේ නැහැ.මේ අඩු පාඩුවත් සකස් කර ගැනීම වැදගත්.කෙටි ලකුණු හිඟයත් සමඟ ශ්‍රී ලංකා ඉණිමේ සටහන් වන නිලකුණු පන්දු ප්‍රමාණය විශාල ලකුණු පූවරුවකට යන්න බාධාවක් වන අතර ඒ ගැන මේ වන විටත් පුහුණුකරු හෂාන් තිලකරත්නගේ අවධානය යොමු වි ඇති බව සිතනවා.
කෙසේ හෝ නිලක්ෂි ද සිල්වා පසුගිය ආසන්න කාලයේ විශාල විශ්වාසයකින් පිත්ත හැසිරවීමත්,පිඩනය කළමණාකරණය කර ගැනීම සදහා කළ දරා ගැනිමත් ප්‍රශංසනීයයි.මේ තත්ත්වය සමඟ ඇය කණ්ඩායමට විශාල දායකත්වයක් මේ තරගාවලියේදි දක්වනු ඇතැයි සිතිය හැකියි.එසේම අවස්ථා කිහිපයකදිම හොද ඉණිම් ගොඩ නඟන්නට තමන් තුළ ඇති කුසලතාවය පෙන් වූ කඩුලු රකින අනුෂ්කා සංජිවනී මෙන්ම කවීහා කල්හාරි ද මැද පෙළින් මෙම තරගාවලියේදි හොද සේවයක් කිරීමට තමන්ට හැකියාව ඇති බවට ආත්ම ශක්තිය වර්ධනය කරගත යුතුයි.

අද තරගය ජයගැනීමේ හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා පිතිකාරිණියන් කුමක් කරනු ඇද්ද යන කාරණය මතයි.විශේෂයෙන්ම එක ලකුණ කියන කාරණය මෙහිදී අමතක කරන්නම බැහැ.කඩුලු අතර හොඳින් දිවීමෙන් ලබාගත හැකි විශාල ලකුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මඟ හැරීම අවම කර ගතතොත් එපමණක් වුව ජයග්‍රහණයට වැදගත් වේවි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...