පියංකර ජයරත්න දූෂණ නඩුව ඔක්තොම්බර් 12 යළි කැදවයි…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11, කොළඹ LNW :

දූෂණ චෝදනා සම්බන්ධයෙන් දැනට සිර දඬුවම් විඳිමින් සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති තවත් දූෂණ නඩුවක වැඩිදුර විභාගය ඔක්තෝබර් 12 වන දින පැවැත්වීමට කොළඹ මහාධිකරණය අද (11) දින නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා හමුවේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී, බන්ධනාගාර නිලධාරීන් විසින් සිරගතව සිටින විත්තිකරු වන හිටපු අමාත්‍ය පියංකර ජයරත්නව විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

නඩු විභාගය අතරතුර, අදාළ විමර්ශනයට සම්බන්ධ නිලධාරියෙකු මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස කැඳවීමට අල්ලස් කොමිසම කළ ඉල්ලීමට අධිකරණය විසින් අවසර ලබා දෙන ලදී.

2013 වසරේ මැයි 10 වන දින සිට ජූනි 6 වන දින දක්වා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලසීමාව තුළ, නීතිවිරෝධී ලෙස වෙසක් සුබපැතුම් පත් 3,000ක් මුද්‍රණය කිරීම මගින් රජයට රුපියල් 128,520ක පාඩුවක් සිදු කර “දූෂණය” සිදු කිරීමේ චෝදනා මත අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...

ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මූල්‍ය වංචාවකට මඟ පෑදූ මිනසෝටා ජාවාරම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ඩො. මි. 44ක...