පොල් වගාව ආරක්ෂා කිරීම සඳහා රුපියල් බිලියන 2.5ක සහනාධාරයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11, කොළඹ LNW :

‘එල් නිනෝ’ (El Niño) තත්ත්වයන් හේතුවෙන් පොල් වගාවට ඇති විය හැකි බලපෑම අවම කිරීම සඳහා විශේෂ සහනාධාර වැඩසටහනක් ආරම්භ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන තිබේ.

මේ සඳහා රුපියල් මිලියන 2,500ක මුදලක් වෙන් කර ඇති බව එම මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

මේ අතර, ‘එල් නිනෝ’ තත්ත්වය හේතුවෙන් මේ දක්වා පොල් වගාවට කිසිදු බලපෑමක් සිදුවී නොමැති බව ද පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, ඉදිරි මාස කිහිපය තුළ වියළි කාලගුණික තත්ත්වය දිගටම පැවතුණහොත් එය පොල් වගාවට බලපෑම් ඇති කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...