රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW :
විශ්රාමික බන්ධනාගාර නිලධාරීන් නැවත සේවයේ යෙදවීම පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
පවතින බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයට විසඳුමක් ලෙස මෙම පියවර ගැන සලකා බලමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්රසාද් හේමන්ත මහතා පැවසීය.
මේ අතර, පැරණි බොගම්බර බන්ධනාගාරය වෙත රැඳවියන් මාරු කිරීම ලබන සතියේ ආරම්භ වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම බන්ධනාගාරයේ ප්රතිසංස්කරණ කටයුතුවලින් සියයට 90ක් පමණ මේ වන විට අවසන් වී ඇති බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
එමෙන්ම, එම ස්ථානය සඳහා නිලධාරීන් අනුයුක්ත කිරීමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


