ආර්ජන්ටිනාව සහ ශ්‍රී ලංකාව

Date:

ආර්ජන්ටිනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට ඇතුළු වූයේ ඉකුත් ජනවාරි මස ය. එරට උද්ධමනය සියයට 12 සිට සියයට 80 දක්වා මේ වන විට ඉහළ ගොස් ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධීක්ෂණය යටතේ එරට මහ බැංකු ප්‍රතිපත්ති අනුපාත සියයට 07 සිට 75 දක්වා ඉහළ ගොස් ඇත. දරිද්‍රතාවය සිව්ගුණයකින් ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කළේ ඉකුත් අප්‍රේල් මස පටන් ය, එහෙත් තවමත් විධිමත් එකඟතාවයකට එළඹ නැත. මෙම සාකච්ඡාවල පූර්ව කොන්දේසියක් ලෙස පිරිවැය පරාවර්තනය කරන බඩු මිලක් දැන් ලංකාවේ ඇති අතර, උද්ධමනය සියයට 18 සිට සියයට 70 දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති අනුපාත දෙගුණ වී ඇත, භාණ්ඩාගාර පොලී අනුපාතිකයන් සියයට 12 සිට සියයට 32 දක්වා වැඩිවී ඇත. ව්‍යාපාර ලක්ෂ ගණන් බැංකුවලට ණය පැහැර හැර ඇත, කඩාවැටෙමින් ඇත. එකඳු ඩොලරයක් හෝ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැත. සියළු ආයෝජකයන් බලා සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළු වන තුරුය. නමුත් තවමත් එය ප්‍රමාද ය.

පෙට්‍රල් නිකුත් කිරීම සීමා කර ඇති අතර, ඉන්ධන මිල ගණන් දෙගුණ වී ඇත. විදුලි බිල තුන් ගුණයකින් ඉහළ ගොසිනි. දස ලක්ෂ ගණනින් මිනිසුන්ට තමාට අවශ්‍ය ආහාර වේල පිරිමසා ගැනීමට වත් මුදල් නැත. බඩට වේල අහිමි වීමෙන් දරු පැටවුන් පාසල්වල ක්ලාන්ත වී ඇද වැටෙන අයුරු දැකිය හැකිය.

ඒ සියල්ල මැද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ නම් තෙපර බාන්නේ, IMF එන බවය. තම කෙස් පැලෙන ආර්ථික විද්‍යා න්‍යායවලින් තොර කිසිවක් ගැන ඔහුට වගේ වගක් නැත. ළඟදීම ශ්‍රී ලංකාවට “බඩ සුද්දයි, ලෙඩා මළා” වීමට නියමිත ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොමැතිව 225 උදවිය බලා සිටින්නේ ප්‍රාතිහාර්යයක් සිදු වන තුරු ද?

එක් අතකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවමත් ලංකාවට සහාය නොදැක්වීම හොඳ ය. මන්ද, එවිට ශ්‍රී ලංකාව ද ආර්ජන්ටිනාව මෙන් වනු ඇත. උද්ධමනය සියයට 80ට ම නඟිනු ඇත, පොලී අනුපාතික සියයට 75 දක්වා ඉහළ දැමීමට ඔවුන් බලකරනු ඇත, අනේ අපේ මහ බැංකු අධිපතිවරයාත් හිස් මුදුනින්ම එය පිළිගෙන කරනු ඇත.

මෙය ශ්‍රී ලංකාවේ මළ බෙරයේ අවසාන බෙර පදය වනු නොඅනුමානය!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන්...