දැන් ඇති නේද?

මහේෂ් හපුගොඩ

ඇත්තටම මේක ලස්සන දසුනක් නෙවෙයි. මහින්ද ඉන්නේ දේශපාලන වේදිකාවක තරඟකාරී දේශපාලනයක් කරන මට්ටමක නෙවෙයි.

මහින්දට දැන් එහෙම කරන්න මානසික තත්වයක් හෝ කායික ස්ථාවරභාවයක් නැහැ. මහින්ද මානසිකව හයියක් ඇති මිනිහෙක් උනත් ඔහු දැන් ශාරීරිකව ස්ථාවර නැහැ කියල ඉතාම හොඳින් පේනවා. ඒ සියල්ල වෙලා තියෙන්නේ වයස එක්ක. ඇතැම් විට රෝගී තත්වයන් පවා බලපාල ඇති.

ඕනෑම කෙනෙක් වයසට යනවා. අබල දුබල වෙනවා. ඒක ස්වභාවික දෙයක්. හැබැයි මහින්ද සම්බන්දයෙන් ඒ තත්වය ගොඩක් විද්‍යාමානයි. ඇතැම් විටක රනිල් මීට වඩා තරමක් හොඳයි කිවහැකියි.

මහින්ද ලංකාවේ එක මොහොතක හැරවුමක් වුනත් ඒක මාකට් කළහැකි උපරිමට ඇවිල්ල කල්ඉකුත් වෙලත් ඉවරයි.

මේ වගේ තත්වයක් යටතේ පොහොට්ටුව මේ විදියට තවත් අමාරුවෙන් මහින්ද වත්තම් කරගෙන වේදිකා ගේනවා කියන්නේ ඔවුන් දේශපාලන ව්‍යාපාරයක් හැටියට අසරණයි කියන එක. වෙන විකල්පයක් නැහැ කියන එක.

මම කියන්නේ මහින්ද වයසයි සහ නාමල් සිරගත වෙලා කියන තත්වයන් දෙකට අදාලව දැන්වත් පොහොට්ටුවේ අය අලුත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න.

ඒක අවශ්‍යයෙන් ම රාජපක්ෂ ප්‍රතිරූපය වටා හෝ රාජපක්ෂ පවුල වටා ගොඩ නගන්න එපා. රාජපක්ෂ නොවන දක්ෂයන් තව කොච්චර ඇත්ද. එයාලව අත්හදා බලන්න. වැඩවසම් ලක්ෂණ අතහැර දාල නූතන දේශපාලන ව්‍යාපාරයක් බවට හරවන්න. ඒක අපි හැමෝටම හොඳයි නේද?

මේක තවදුරටත් කරන්න එපා….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...