සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 12 : පිලිපීනයේ මගී ප්රවාහන යාත්රාවක ඇති වූ දරුණු ගින්නක් හෙතුවෙන් 76 දෙනෙකු මියගොස් තවත් 13 දෙනෙකු අතූරුදන්ව ඇති බ්ව වාර්තා වේ.
මැනිලා නගරයේ සිට පලාවාන් ප්රාන්තයේ කොරොන් වෙත ගමන් කරමින් තිබූ M/V June Aster යාත්රාවේ පසුගිය බදාදා රාත්රියේ ගින්න හටගෙන තිබුණි. ගින්න හටගන්නා අවස්ථාවේ යාත්රාවේ පුද්ගලයන් 132කට වැඩි පිරිසක් සිටි බව වාර්තා වේ.
ගින්නෙන් පසු සහන කණ්ඩායම් විසින් යාත්රාව තුළින් තවත් මළ සිරුරු 41ක් සොයාගෙන ඇති අතර, ඒ අනුව මරණ සංඛ්යාව 76 දක්වා ඉහළ ගොස් ඇත. පුද්ගලයන් 43 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර තවත් 13 දෙනෙකු පිළිබඳ තොරතුරු මෙතෙක් සොයාගෙන නොමැත.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරු කර නොමැති අතර දිවි ගලවාගත් පුද්ගලයන්ගේ ප්රකාශ අනුව ගින්න ඇතිවීමට පෙර යාත්රාව තුළ පිපිරීම් දෙකක් ඇසුණු බව සඳහන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
මේ අතර, මියගිය පුද්ගලයන් හඳුනාගැනීමේ කටයුතු ද ආරම්භ කර ඇති අතර, අතුරුදන් වූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කෙරේ, පිලිපීනය දූපත් 7,600කට වැඩි සංඛ්යාවකින් සමන්විත රටක් වන අතර, දූපත් අතර ගමනාගමනය සඳහා මගී යාත්රා විශාල වශයෙන් භාවිත කෙරේ.

