ත්‍රස්ත පනතට එරෙහි අත්සන් ව්‍යාපාරය තංගල්ල නගරයෙන් අවසන් කරයි

Date:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලමින් මහජන පෙත්සමක් අත්සන් කිරීමේ ව්‍යාපාරය අද තංගල්ල නගරයේදී පැවැත්විණි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා‌ගේ මූලිකත්වයෙන් මෙම පෙත්සම් ව්‍යාපාරය කන්කසන්තුරේ ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර දිස්ත්‍රික්ක 25 ම ආවරණය කරමින් සිදුකළ අත්සන් ලබා ගැනීමේ චාරිකාව අද තංගල්ල නගරයෙන් අවසන් කෙරිණි.

මේ සඳහා පක්ෂ භේදයකින් තොරව, ජාති භේදයකින් තොරව බොහෝ පාර්ශ්වවල සහයෝගය හිමි වූ අතර පසුගිය කාලසීමාව පුරා සියලු ස්ථානවලදී බොහෝ දේශපාලන කණ්ඩායම් ඊට එක්ව සිටින ආකාරය දක්නට ලැබිණි.

අද අවසන් අවස්ථාවටද සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයන් එක්ව සිටි අතර වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියහ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස සිදු කරන බලපෑම සඳහා මේ වනවිට උතුරු-දකුණු භේදයකින් තොරව, සිංහල-දෙමළ භේදයකින් තොරව රටේ බහුතර ජනතාව එක්ව සිටින බවයි රාසමානික්කම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වනවිට දේශපාලන ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල සිසුන්, සිවින් ක්‍රියාකාරිකයන් මර්දනය කිරීම සඳහා භාවිතා කරමින් සිටින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ එම මර්දන පනත අහෝසි කිරීම සඳහා කාලය එළඹ ඇති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...

නිවාස ආධාරය ගන්න නිර්දේශය දෙන්න 50,000ක් ඉල්ලලා. තවත් රජයේ නිලධාරියෙක් අල්ලස් දැලේ!

කොළඹ LNW: ගාල්ල, නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිවාස (තාක්ෂණික)...

කලින්ම ජීවිතයට සමු දුන් හිටපු බොක්සිං ලෝක ශූර  Ricky Hatton!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු බොක්සිං ලෝක...