වෝකි ටෝකි නඩුවෙන් අවුන් සාන් සුකී තවත් වසර 4 කට ඇතුළට!

Date:

මියැන්මාරයේ හිටපු සිවිල් නායිකා අවුන් සාන් සුකීට එරෙහිව ඊයේ දිනයේ විභාග වූ නඩුවෙන් ඇයට තවත් වසර 4 ක සිර දඬුවමක් නියම වී තිබේ.අනවසර වෝකි ටෝකි යන්ත්‍ර ළඟ තබාගැනීමට ඇතුළත් චෝදනා ගණනාවකට මෙහිදී ඇය වරදකාරිය කෙරිණි. මේ නිසා ජාත්‍යන්තර පුවත් සේවා මගින් මේ නඩුව ‘වෝකි ටෝකි නඩුව’ ලෙස හඳුන්වයි.

76 හැවිරිදි සුකී මියැන්මාරයේ රාජ්‍ය උපදේශිකාව වූ අතර, නිල නොලත් රාජ්‍ය නායිකාව ලෙස හමුදා ආණ්ඩුව තුළ කටයුතු කළාය.

මෙයට මාස 11 කට පෙර ඇයව හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කර රඳවා තබාගනු ලැබිණි.

ඒ සමගම මිලිටරි ජුන්ටාව විසින් ඇයට චෝදනා දුසිම් ගණනක් ඉදිරිපත් කළ අතර, ඒ සියල්ලෙන්ම වරකාරිය බවට ඇය පත්වුවහොත් අවුරුදු 100 කට නොඅඩු සිර දඬුවමකට යටත් වීමට ඇයට සිදුවනු ඇත.

එක චෝදනාවකට වසර 15 ක සිර දඬුවම් නියම විය හැකි අල්ලස් හා දූෂණ චෝදනා 4 ක්, 2020 මැතිවරණ ව්‍යාපාරයේදී කෝවිඩ් රෙගුලාසි උල්ලංඝනය කිරීම, වෝකි ටෝකි වැනි විදේශීය උපාංග අනවසරයෙන් ආනයනය කිරීම සහ යටත් විජිත යුගයට අයත් නිල රහස් පනත උල්ලංඝනය කිරීම මෙම චෝදනා අතර වේ. මෙම යල් පැන ගිය ‘නිල රහස් පනත’ උල්ලංඝනය කිරීම මගින් වසර 14ක උපරිම සිර දඬුවමක් නියම කළ හැකිය.

මෙම චෝදනා අතරින් වෝකි ටෝකි නඩුවට පෙරාතුව විභාග වූ ස්වභාවික ආපදා කළමනාකරණ නීති නඩුව යටතේ කෝවිඩ් රෙගුලාසි උල්ලංඝනය කිරීමට ද ඇය වරදකාරිය බවට පත් කර තිබිණි. එයට ද නියම වූයේ වසර 4 ක සිර දඬුවමකි.

මියැන්මාර හමුදා ජුන්ටාව මේ වන විට ඇයට එරෙහි නඩුවල තත්වය මාධ්‍යවලින් වසං කිරීම සඳහා ද උත්සාහ ගනිමින් සිටියි. මාධ්‍ය සමග අදහස් පළ කිරීම ද ඇයට තහනම් කර ඇත.

පෙර ලිපිය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගත්ත විදිහක් කියාගන්න බැරි වූ වත්කම්!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට...

සුජීවගේ තුන්වෙනි කවි පොතත් එළිදකියි! (PHOTOS)

කොළඹ LNW:ජනප්‍රිය උසස් පෙළ සිංහල ආචාර්ය සුජීව සිරිමෙවන් මහතාගේ...

අඳුරු නිමේෂයක යටගියාව සොයා “ක්‍රිෂාන්තිගේ අඩිපාරේ!”

සැප්තැම්බර් 13, කොළඹ (LNW): ඇය වූයේ උදාහරණයක්.අහිංසක සිහිනවලින් ගොඩනගාගත් සරල...