නාමල් සහ එයාර්බස් සමාගමේ අය අතර ඊමේල් හුවමාරු වී නෑ. ඔය මඩ බලකාය කියන්නේ බොරු – මනෝජ්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ එයාර්බස් සමාගමේ පාර්ශ්වයන් අතර ඊමේල් පණිවිඩ හුවමාරු වී ඇතැයි ආණ්ඩුවේ ඇතැමුන් කියන කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ පවසයි.

“මේ පහුගිය දවස්වල ඉතාමත් ඉස්මතු වෙච්ච කාරණයක් තමයි ඊමේල් පණිවිඩ හුවමාරු වෙලා තියෙනවා කියන එක. නමුත් මෙහි කරුණු විකෘති කිරීමක් තියෙන බව අපි සඳහන් කරන්න ඕනෙ. නාමල් රාජපක්ෂ මැතිතුමා සහ ඔය කියන එයාර්බස් සමාගමේ කිසිම පාර්ශ්වයක් අතර ඊමේල් හුවමාරු වෙලා නැහැ. ඒ ඊමේල් හුවමාරු වෙලා තියෙන්නෙ අභ්‍යන්තර පාර්ශ්වයන් අතර හුවමාරු වෙච්ච ඊමේල් පණිවිඩ කිහිපයක් තමයි. නමුත් එළියෙදි කියන්නෙ මේක නාමල් රාජපක්ෂත් එක්ක, නාමල් රාජපක්ෂ මේ අල්ලස් ගැනීමේ චේතනාවෙන් ඊමේල් පණිවිඩ හුවමාරු කරගෙන තියෙනවා, දැන් ඒක අහුවෙලා තියෙනවා කියලා. මේක සම්පූර්ණ අසත්‍ය කාරණයක්. අධිකරණයේදී ඉදිරිපත් වෙන කාරණය නෙවෙයි එළියට ආණ්ඩුව සහ ඒකට සම්බන්ධ මඩ බලකායන් විසින් ඉදිරිපත් කරන්නෙ. සාක්ෂි ආඥා පනතේ ඉතා පැහැදිලිව තියෙනවා අපරාධ අපසහායකයෙක්ගේ ප්‍රකාශයක් මත පමණක් පුද්ගලයෙක් වැරදිකාරයෙක් කරන්න බෑ. ඉතින් එතකොට මේ සංදර්ශනය ආණ්ඩුවට ගෙනියන්න පුළුවන්,පොදු දේපළ පනත යටතේ දාලා පුද්ගලයෙකුගේ නිදහස සීමාකරන්න පුළුවන්, මේ නායකයා නැගී එන නායකයෙක් විදියට හිරකරලා, ඒකෙ පීඩනය දීලා උත්සාහ කරනවා ඇති නාමල් රාජපක්ෂව වට්ටන්න. හැබැයි ඒක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මේක කරන්නෙ පැලවත්තෙ පොලීසිය ඔවුන්ට ඕනෙ විදියට පැලවත්තෙන් ලැබෙන ඕඩර්ස් අනුව”

නීතීඥ මනෝජ් ගමගේ මේ බව පැවසුවේ නාමල් රාජපක්ෂ මහතාව අද (18) අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...