කොළඹ LNW:එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පවරා ඇති නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුවය.
එයාර්බස් සිද්ධියට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අයථා පරිහරණය කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇති අතර එම නඩුවේ සැකකරුවෙකු ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.


