*
Sunday, April 20, 2025
spot_img

Latest Posts

අලුතින් පත් කළ කෝප් සහ කෝපා කමිටුවලට හිටපු සභාපතිවරුන් දෙදෙනාම නෑ !

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා අලුතින් පත්කෙරුණු මන්ත්‍රීවරුන්ගේ නම් අද (03) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිවේදනය කරන ලදී.

මීට පෙර එම කමිටු දෙකෙහි සභාපතිවරුන් වශයෙන් කටයුතු කළ මන්ත්‍රීවරුන් දෙදෙනාම මෙවර අදාළ කමිටු සඳහා පත්කර නොමැති වීම විශේෂත්වයකි.

මීට පෙර කෝප් කමිටුවෙහි සභාපති වශයෙන් කටයුතු කළේ මහාචාර්ය චරිත හේරත් මහතා වන අතර මෙවර ඒ මහතා කෝප් කමිටුව සඳහා නම් කර නොමැත. එසේවෙතත් ඒ මහතාව කෝපා කමිටුවෙහි සාමාජිකයකු වශයෙන් නම් කර තිබේ.

මහාචාර්ය තිස්ස විතාරණ මහතා මීට පෙර කෝපා කමිටුවෙහි සභාපති වශයෙන් කටයුතු කළ අතර මෙවර ඒ මහතාව මේ කමිටු දෙකෙන් එකකට හෝ පත්කර නැත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan