ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය ඇගයීමේදී සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.60 ක් දක්වා ළඟා වෙමින් පෙර වසරට සාපේක්ෂව 1.77% ක වර්ධනයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති,ප්‍රධාන විධායක අධ්‍යක්ෂ, මංගල විජේසිංහ මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීය.

අගෝස්තු මාසය තුළ සේවා අපනයන අංශය 13.97% කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් මිලියන 331.87 ක් බවට පත්වෙමින් සුවිශේෂී ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙන අතර භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.27 ක් බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව 2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවා යමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12.01 දක්වා ළඟා වී තිබේ.

එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.52 ට සාපේක්ෂව 4.26% ක ඉහළ යාමක් බවද මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...