කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමඟි ජන බලවේගය විසින් අද (24) පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වන පොල්දුව හංදියේ විරෝධතාවක් සංවිධානය කර තිබේ.
මේ වන විට සමඟි ජන බලවේගයේ දේශපාලන නියෝජිතයින් මෙන්ම පාක්ෂිකයින් එම ස්ථානයට පැමිණ විරෝධය ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද (24) ආරම්භ කිරීමට නියමිත අතර හෙට දිනයේද විවාදය පැවැත්වෙන අතර හෙට පස්වරුවේ ජන්ද විමසීම සිදුකිරීමට නියමිතයි.
මෙම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ වන අතර එය අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට සිදුකරන බලපෑමක් බවත් අධිකරණය මත රාජ්‍ය බලය මුදාහැරීමක් බවටත් විපක්ෂය චෝදනා කරයි.
එමෙන්ම මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ බහුතර බලය පමණක් නොව ඔවුන් ජනමත විචාරණයක් ද ඉල්ලා සිටින ලදී.
එහෙත් ඊට අදාළ පෙත්සම විභාගයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව කථානායකවරයා වෙත යොමුකරමින් පවසා ඇත්තේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම වෙනුවෙන් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවයි.



ජායාරූප – අජිත් සෙනෙවිරත්න


