ඩීසල් මිල අඩුකරන්න බෑ – ඇමති කංචන හේතු කියයි

Date:

ඩීසල් ලීටරයකින් රුපියලක පමණ ලාභයක් මේ වනවිට රජයට හිමිවන නමුත් ඩීසල් මිල පහත හෙළීමේ හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

“ලෝක වෙළඳපොලේ තියෙන සිංගප්පූරු ෆ්ලැට් ඇවරේජ් එක සහ ආනයනික මිල ගන්නේ. දැන් ඩීසල් මිල සඳහා රුපියලක පමණ ලාභයක් තියෙනවා. නමුත් දැන් අපට රුපියල් 10 – 15 කින් අඩුකරන්න බෑ. මොකද අපට එහෙම අඩුකළොත් අපට ඊළඟ අවශ්‍යතා වෙනුවෙන් ඉන්ධන ටික ගන්න මුදල් නැතිවෙන නිසා. එතකොට අපට පෙට්‍රල් මිල අඩුකරන්න පුළුවන් වුණේ පෙට්‍රල්වලින් රුපියල් 70ක පමණ ලාභයක් තිබුණා පහුගිය කාලේ පෙට්‍රල් ආනයනය කිරිම තුළින්. නමුත් අපට බොරතෙල් මිල මත පමණක්ම අපේ ඉන්ධන මිල තීරණය කරන්න බෑ. මොකද අපේ සම්පූර්ණ අවශ්‍යතාවය අපේ පිරිපහදුවෙන් පමණක්ම අපි පිරිමහ ගන්නේ නැති නිසා”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (03) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...