පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27:
පාකිස්තානයේ වයඹදිග Dera Ismail Khan දිස්ත්‍රික්කයේ පොලිස් මුරපොළක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් 35කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

Khyber Pakhtunkhwa පළාතේ Darazinda ප්‍රදේශයේ Aman Mela පොලිස් මුරපොළට පුපුරණ ද්‍රව්‍ය පටවාගත් වාහනයක් කඩා වැදීමෙන් මෙම පිපිරීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

ප්‍රහාරයෙන් පසු තුවාලකරුවන් රෝහල් වෙත රැගෙන යමින් තිබූ ගිලන් රථයකට ද සන්නද්ධ පිරිසක් වෙඩි තබා ඇති අතර එහිදී සහන සේවකයෙකු ඇතුළු පුද්ගලයන්ට ද හානි සිදුවී තිබේ.

ප්‍රහාරයේ වගකීම Tehrik-e-Taliban Pakistan (TTP) සංවිධානය භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...