සනත් නිශාන්තට එරෙහිව අධිකරණ සේවා සංගමයෙනුත් අභියාචනාධිකරණයට පෙත්සමක්

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර ඔහුට දඬුවම් නියම කරන ලෙස ඉල්ලා අධිකරණ සේවා සංගමය විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

අධිකරණ සේවා සංගමය යනු දිවයිනේ සියලුම මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් සාමාජිකත්වය දරණ සංගමයකි.

සිය පෙත්සම මගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ සනත් නිශාන්ත මහතා පසුගිය අගෝස්තු 23 වනදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී, අරගලයට සම්බන්ධ පුද්ගලයින්ට ඇප ලබාදීම පිළිබඳව කරන ලද ප්‍රකාශය තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවයි. එම ප්‍රකාශය තුළින් රාජ්‍ය අමාත්‍යවරයා අරගලකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරුන් සතු බලය හෑල්ලුවට ලක්කර ඇති අතර අධිකරණය සතු ගෞරවය ද හෑල්ලුවට ලක්කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය ප්‍රකාරව වරදක් කර ඇති බවත් එම පෙත්සමෙන් වැඩිදුරටත් දක්වා තිබේ.

සනත් නිශාන්ත මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට වෙනත් පෙත්සමක් ද අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති අතර ඔහුට සිතාසි ද නිකුත් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...