යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම පොලීසිය විසින් එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.
එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායකයෙකු වූ රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන් සිහිපත් කිරීම සඳහා මෙම ස්මාරකය පිහිටුවා තිබූ අතර 39 වැනි තිලීපන් සමරුව සැප්තැම්බර් 15 වනදා සිට ඊයේ (26) දිනය දක්වා පැවැත්විණි.
අද අලුයම පූර්ව දැනුම්දීමකින් තොරව පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට වැඩි පිරිසක් එහි පැමිණ පාවහන් පිටින් ඇතුළු වී බලාත්කාරයෙන්ම එම පිළිරුව රැගෙන ගිය බවයි දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා සඳහන් කළේ.


