රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW :
බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ දරුණු වෙඩි තැබීමක් වාර්තා වන අතර, එහිදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ආරම්භයේදී එක් පිරිමි පුද්ගලයෙකු මියගිය බව වාර්තා වූ අතර, පසුව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකද ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අනුව මෙම සාහසික ක්‍රියාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව තහවුරු වේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.


