ඉන්ධන ඇනවුම් නොකර සිටීමට බෙදුම්කරුවන් තීරණය කරයි. නැවතත් පෝලිම් එයිද ?

Date:

අද (04) උදෑසන ඉන්ධන ඇනවුම් කිරීමෙන් වැළකී සිටීමට සියලුම බෙදුම්කරුවන් තීරණය කළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න මහතා පවසයි.

“ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් බෙදුම්කරුවන්ගෙන් ඔවුන් වෙත ගෙවා ඇති කොමිස් මුදලින් නැවත 45%ක් පමණ මාසික පරිහරණ ගාස්තුව වශයෙන් අයකිරීමක් සිද්ධ කරලා තියෙනවා. මෙම අයකිරීම කිසිම දැනුම් දීමකින් තොරව – අපට කලින් ඇත්තටම කළමනාකාර අධ්‍යක්ෂ තුමා තහවුරු කළා මේක දැනට අයකරන්නේ නැහැ කියලා – එහෙම තියෙද්දී සංස්ථාවේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය කළමනාකරු විසින් ඊයේ හවස 04.30 ට පමණ එම මුදල බෙදුම්කරුවන්ගේ ගිණුම්වලින් අය කරගෙන. එම අයකිරීමට විරෝධය පෑම සඳහා අද (04) දින ඉන්ධන ඇනවුම් කිරීමෙන් වැළකී සිටීමට සියලුම බෙදුම්කරුවන් තීරණය කරලා තියෙනවා. විසඳුමක් ලැබෙනතුරු, එම අය කරන ලද මුදල නැවත බෙදුම්කරුවන්ගේ ගිණුම්වලට ලබාදෙනතුරු නැවත ඉන්ධන ඇනවුම් කිරීමෙන් වැළකී සිටීමට තමයි තීරණය කරලා තියෙන්නෙ”

“ඇත්ත වශයෙන්ම පාරිභෝගිකයා තමයි පීඩාවට පත්වෙන්නෙ. මොකද අපි ඉන්ධන ඇනවුම් කිරීම නතර කළාම නැවත වතාවක් ලංකාව පුරාම දැඩි ඉන්ධන හිඟයක් ඇතිවෙනවා. ඉතින් ජනතාව එවැනි තත්වයකට ගෙනයන්නේ නැතිව සංස්ථාවේ බලධාරීන් ඉක්මනින් මේ තත්වය විසඳයි කියලා අපි බලාපොරොත්තු වෙන්නෙ”

කපිල නාඔටුන්න මහතා මේ බව පැවසුවේ අද (04) උදෑසන මාධ්‍ය වෙ ත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ රාත්‍රියේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොරව සිදුකෙරෙන බවත් නොමඟ යවනසුළු පුවත්වලට කලබල නොවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවෙන් වහා පිටවෙනු – කොල්ලුපිටියේදී ඇමරිකාවට විරෝධය(PHOTOS)

කොළඹ LNW:එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එල්ල කරන ලද ප්‍රහාරය...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 පමණ තද වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

වෙනිසියුලාවේ තත්වය ගැන ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් – නිල නිවේදනයක් නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල වෙනිසියුලාවේ මෑත කාලීන වර්ධනයන් සම්බන්ධයෙන් ශ්‍රී...

අවදානයෙන් සිටින්න : බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් ! – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු...