සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27:
සමකයට ආසන්න උණුසුම් දේශගුණයක් පවතින රටක පිහිටි දුර්ලභ ස්වභාවික විස්මිත නිර්මාණයක් වන ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” (Salju Abadi) තට්ටුව මේ වන විට දේශගුණික විපර්යාස හමුවේ අතිශය උග්‍ර අතුරුදන් වීමේ තර්ජනයකට මුහුණ දී සිටී.

පැපුවා කලාපයේ සුදිර්මන් කඳුවැටියට අයත් මීටර් 4,884ක් පමණ උසැති පන්චක් ජයා (Puncak Jaya) හෙවත් කාර්ස්ටන්ස් පිරමීඩ කඳු මුදුන මත පිහිටා ඇති මෙම හිම කලාපය, ලෝකයේ ඉතිරිව ඇති ස්වල්පයක් වන නිවර්තන ග්ලැසියර අතර ප්‍රධාන වේ. ආදිවාසී අමුංමේ ජනතාව විසින් ‘නෙමංකාවි’ ලෙස පූජනීයත්වයෙන් සලකනු ලබන මෙම කඳු මුදුන වසර ගණනාවක් පුරා සංචාරකයන්ගේ සහ විද්‍යාඥයන්ගේ දැඩි අවධානයට ලක් වූවකි.

කෙසේ වෙතත්, ගෝලීය උණුසුම ඉහළ යාම සහ එල් නිනෝ වැනි දේශගුණික විපර්යාසවල අහිතකර ප්‍රතිඵල නිසා මෙම හිම තට්ටුව ඉතා වේගයෙන් දියවී යමින් පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෑත කාලීන දත්ත වලට අනුව, මීටර ගණනාවක ඝනකමින් පැවති මෙම ග්ලැසියරය මේ වන විට අතිශයින් තුනී වී කුඩා කොටස් වලට බෙදී ගොස් තිබේ.

කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ මෙම ප්‍රවණතාවය මෙලෙසම අඛණ්ඩව සිදුවුවහොත්, ඉදිරි වසර කිහිපය තුළ ඉන්දුනීසියාවේ මෙම සදාකාලික හිම තට්ටුව සදහටම ඉතිහාසයට එක්වෙමින් සම්පූර්ණයෙන්ම අතුරුදන් වනු ඇති බවයි.

සමක කලාපයක මෙවැනි හිම තට්ටුවක් පිහිටීම ස්වභාවධර්මයේ අපූරු සිද්ධියක් වුවද, එය මේ ආකාරයෙන් දියවී යාම ගෝලීය උණුසුම් වීමේ දරුණු ප්‍රතිඵල ලෝකයට අනතුරු අඟවන ප්‍රධාන සංඥාවක් ලෙසයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට මහමග බිහිසුණු වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...