රිය අනතුරු අවම කිරීම වෙනුවෙන් තවත් පියවරක් – ඔක්තෝම්බර් 01 සිට වෙන්න යන දේ!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයේ සයමස් නියමු ව්‍යාපෘතිය ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඒ අනුව අමාත්‍යවරයා පැවසුවේ ලබන වසරේ මාර්තු 31වැනිදා දක්වා එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බවයි.

මෙරට මාර්ගවල සිදුවන රිය අනතුරු අවම කිරීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයක් ” DEMERIT SYSTEM ” හඳුන්වාදීමට තීරණය කර තිබේ.

රථවාහන වැරදිවලට අදාළව දඩගෙවීමට මේ වන විට හඳුන්වාදී ඇති මාර්ගගත ක්‍රමවේද තවදුරටත් පුළුල් කරමින් ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සැලසුම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : විදේශ ශ්‍රමිකයන් සඳහා...

ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව ඔක්තෝබර් 12 දාට…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් , කොළඹ LNW : අවිධිමත් රාජතාන්ත්‍රික...

ක්‍රිෂ් ගනුදෙනු නඩුව : සිව්වැනි විත්තිකරු ලෙස නාමල් නම් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ඉන්දියානු නිවාස සංවර්ධන...

විශ්වීය තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ගෝලීය තොරතුරු යුගයේ...