Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW :

ඩුබායි සිට ටෙල් අවීව් බලා පියාසර කරමින් තිබූ flydubai වාණිජ ගුවන් යානයක්, උපකාර පතා හදිසි සංඥා (distress signals) දෙකක් නිකුත් කර ඇති අතර, එයින් එකක් ගුවන් යානය පැහැර ගැනීමට තැත් කිරීමක් විය හැකි බවට සැක කෙරෙන එකකි.

මෙම සිදුවීමට හේතු වී ඇත්තේ FZ1073 ගුවන් යානයේ නියමුවන් අතර ඇති වූ ගැටුමක් බව පසුව අනාවරණය විය. ඊශ්‍රායල නිලධාරීන් NDTV වෙත ප්‍රකාශ කර ඇත්තේ නියමුවන්ගෙන් එක් අයෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) අයෙකු වන අතර ඔහුගේ සහය නියමුවා (co-pilot) ඕමාන ජාතිකයෙකු බවයි. ඕමාන ජාතික සහය නියමුවා විසින් එමීර් ජාතික නියමුවාට පිහියෙන් හානි කර ගුවන් යානයේ පාලනය අත්පත් කර ගැනීමට උත්සාහ කර ඇති බවද එම නිලධාරීහු වැඩිදුරටත් පවසා ඇත. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් වීමේ හැකියාවද ඔවුන් බැහැර නොකරන බව නිලධාරීහු සඳහන් කළහ.

නියමුවන්ගෙන් එක් අයෙකු රුසියානු ජාතිකයෙකු වන අතර අනෙකා යුක්‍රේන ජාතිකයෙකු බව ඊශ්‍රායල මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණද, ඊශ්‍රායල නිලධාරීන් එම වාර්තා ප්‍රතික්ෂේප කර ඇත. පසුව මෙම ගුවන් යානය සෞදි අරාබියේ සිවිල් සහ හමුදා ගුවන් සේවාවක් වන තබුක් (Tabuk) වෙත ආරක්ෂිතව ගොඩ බස්වන ලදී. Flight Radar දත්ත වලට අනුව, මෙම සිදුවීම සිදුවී ඇත්තේ ගුවන් ගත වී පැය 2.5 ක පමණ කාලයකට පසුවය.

මෙම “ප්‍රචණ්ඩකාරී ගැටුම” අතරතුර, නියමුවන්ගෙන් එක් අයෙකු සියදිවි නසා ගැනීමේ අරමුණින් ගුවන් යානය හිතාමතාම බිම හෙළීමට උත්සාහ කර ඇති අතර ගුවන් යානය තියුණු ලෙස පහළට හරවා ඇත. කෙසේ වෙතත්, දෙවන නියමුවා ඔහු සමඟ පොර බදා මගීන් කිහිප දෙනෙකුගේද සහය ඇතිව ගුවන් යානය පහළට ඇදවැටීම නැවැත්වීමට සමත් වූ බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි. එහෙත්, බලධාරීන් තවමත් මෙම තොරතුරු නිල වශයෙන් තහවුරු කර නොමැත.

N12 පුවත් සේවයට අනුව, ගැටුම අතරතුර නියමුවන්ගෙන් එක් අයෙකු සිහිසුන්ව ඇත. ගොඩබෑමෙන් පසු, නියමුවන් දෙදෙනාම ගුවන් යානයෙන් ඉවත් කර ඇත.

නියමුවන් අතර ඇති වූ ගැටුම ඇසුණු ගුවන් යානයේ ඉදිරිපස සිටි මගීන් විසින් කරන ලද කෑගැසීම් තමන්ට ඇසුණු බවත්, සෞදි අරාබියට ගොඩබෑමට පෙර ගුවන් යානය තියුණු ලෙස පහළට බිමට නැඹුරු වූ බවත් ගුවන් යානයේ සිටි මගීන් ඊශ්‍රායලයේ Ch 12 නාලිකාවට පවසා තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ උපුටා දක්වමින් CNN පුවත් සේවය සඳහන් කළේ, ගුවන් යානය මිනිත්තු දෙකක් වැනි කෙටි කාලයක් තුළ අඩි 34,000 සිට අඩි 16,600 දක්වා, එනම් අඩි 17,400 ක උන්නතාංශයකින් පහළට කඩා වැටී ඇති බවයි. මෙම ගුවන් යානය ජෝර්දානය උඩින් පියාසර කරමින් තිබියදී ගුවන් යානා පැහැර ගැනීමක් සඳහා වන ජාත්‍යන්තර හදිසි සංඥා කේතය (7700) ප්‍රථමයෙන් සම්ප්‍රේෂණය කර ඇත. පසුව එය 7500 ලෙස වෙනස් කර තිබේ.

ගුවන් යානය ගොඩබැස්ස විගස, රුධිරයෙන් තැවරුණු ටී-ෂර්ටයක් හැඳ සිටි මගියෙකුගේ ඡායාරූප සමාජ මාධ්‍යවල සංසරණය වන්නට විය.

flyDubai යනු එමිරේට්ස් (Emirates) ගුවන් සේවයේ අඩු වියදම් ගුවන් සේවය වේ. 2020 දී දෙරට අතර සබඳතා සාමාන්‍යකරණය වීමෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊශ්‍රායල සංචාරකයින් අතර ජනප්‍රිය නිවාඩු ගමනාන්තයක් බවට පත්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...