රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW :
කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
අද සිට පෙර පැවති ක්‍රමවේදය යටතේ ඉදිරිපත් කරන රේගු ප්‍රකාශන තවදුරටත් භාර නොගන්නා බව රේගු ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේය.
ඒ අනුව, සියලුම ආනයනකරුවන් සහ ප්‍රකාශන ඉදිරිපත් කරන්නන් තම රේගු ප්‍රකාශන සහ අදාළ අනෙකුත් ලේඛන වලංගු ඩිජිටල් අත්සනක් සහිතව ඉදිරිපත් කළ යුතුය.
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සහ ඩිජිටල්කරණය හරහා රාජ්‍ය සේවාවන් නවීකරණය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස මෙම කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය හඳුන්වා දෙනු ලැබේ.
රේගු නිෂ්කාශන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුක්ත කිරීම මෙම පද්ධතියේ අරමුණයි.


