තව වසර හත අටකින් මෙරට ජනතාවට ඩොලර් ගලාගෙන එන ආර්ථිකයක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් බිහිකරන බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.
“කිසි කෙනෙක් කිසිම ආකාරයකට අවතක්සේරුවක් වෙන්න එපා තමන්ගෙ ජීවිතය ගැන. අපි අපේ පරම්පරාව දුක් වින්දා. ඒ අපිට ආණ්ඩුවක් තිබ්බෙ නැති හින්දා. අපේ දරුවන්ගෙ පරම්පරාව දුක් විඳින්න බෑ කියන සංකල්පයේ අපි ඉන්නවා. අපේ දරුවන්ට හොඳ රටක් ඕනෙ. ලෝකයේ ලස්සනම රට හදන්න පුළුවන් අපිට. මිල මුදල්වලින් ධනයෙන් ඉහළම රට හදන්න බැරිවුණාට අපිට ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රට බවට අපේ රට පත්කරන්න පුළුවන් අපිට.
අපේ රටට හොඳ ආර්ථික ක්‍රමයක් ගේන්න පුළුවන්. කෘෂිකර්මාන්තය දියුණු කරන්න පුළුවන්, කර්මාන්ත දියුණු කරන්න පුළුවන්. සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. අදත් අපි ආවාට පස්සේ මේ පහුගිය මාසෙට 143,000ක් සංචාරකයෝ අපේ රටට ඇවිල්ලා තියෙනවා. මේක තව ගොඩක් වැඩිකරන්න පුළුවන්. තව අවුරුදු හතක් අටක් යනකොට අපි මේ සංචාරක ව්‍යාපාරයේ එන ප්‍රමාණය දෙගුණයකින් තුන්ගුණයකින් වැඩිකරනවා. අපේ රටේ ජනතාවට ඩොලර් ගලාගෙන එන ආර්ථිකයක් හදනවා”
ටී. බී. සරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති උත්සවයක් අමතමිනි.


