ඥානසාර හිමි රිමාන්ඩ් !

සටහන – රුවන් නෙළුගොල්ල

අත්අඩංගුවට ගන්නා ලද බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෙට (05) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, එහිමියන්ව අද (04) කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

එහිමියන්ව හෙට දිනයේදී අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් නියම කෙරිණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියම වී, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාවක් මත නිදහස්ව සිටි ඥානසාර හිමියන්ට එසේ ලැබුණු ජනාධිපති සමාව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කරන ලද අතර ඒ අනුව සිරදඬුවම නැවත ක්‍රියාත්මක කිරීම සඳහා එහිමියන්ව අත් අඩංගුවට ගන්නා ලෙස මීට දින කිහිපයකට පෙර වරෙන්තු නිකුත් කර තිබිණි.

ඒ අනුව ඊයේ සවස එහිමියන්ව පිටිගල, ඉහළ හේරැස්ස, ලේනගිරි ආරණ්‍යය සේනාසනයේ සැඟව සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අස්වැසුම’ ප්‍රතිලාභීන්ට පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : 'අස්වැසුම' ප්‍රතිලාභීන් සඳහා...

ලෝක සත්ව දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලෝක සත්ව...

ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය යළි ඉහළට

2026 වර්ෂයේ දෙවන කාර්තුවේ විරැකියා අනුපාතය සියයට 04 දක්වා...

උද්ඝෝෂණයකදී අත්අඩංගුවට ගත් ජන අරගල ව්‍යාපාරයේ 06 දෙනාට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අසීමිත බදු...