අද (05) දවසේ වැසි තත්වය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (ඔක්තෝබර් 05) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණය දෙවන වටයට; පළමු වටයේ ජය ෆ්ලේවියෝ බොල්සොනාරෝට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ඊයේ(04) පැවැති...

පේරාදෙණිය – කොටුව සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුවෙන් පීලි පනී

සටහන - රුවන් නෙළුගොල්ල පේරාදෙණියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය...

ඇන්කර් පිරිමි දරුවා, ඔබට සුබ ගමන් !

රෝසි සේනානායකගේ ආදරණීය පුතු කණිෂ්ක සේනානායක 43 වැනි වියේ...

2024 AKD, ඊටපස්සේ PKD, දැන් 2026 වෙද්දී BKD, ලබන අවුරුද්දේ MKD – සුගතානන්ද හිමි

ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණය කළේ 2024 ජනාධිපතිවරණ සමයේ...