ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනිය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවට

Date:

ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති හෝ ති තන්හ් ට්‍රක් මැතිනිය 2022 සැප්තැම්බර් 30 වැනි සිකුරාදා දින විදේශ කටයුතු අමාත්‍යංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවිය.

විදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත් වූ සබ්රි මැතිතුමා වෙත සිය සුබපැතුම් පළ කළ තානාපතිනිය, එතුමියගේ ධුර කාලය තුළ අමාත්‍යවරයා සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළා ය.

තානාපතිවරයා මෙහිදී දෙරට අතර පවත්නා  බහුවිධ ද්විපාර්ශ්වික සහයෝගීතාව ආශ්‍රිත පුළුල් පරාසයක කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය. වියට්නාමය සහ ශ්‍රී ලංකාව දශක පහකට අධික කාලයක් මුළුල්ලේ උණුසුම් හා සුහද සබඳතාවක් භුක්ති විඳින බවත්, ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ දෙරටේ  අන්‍යෝන්‍ය සහයෝගීතාව පුළුල් කිරීමේ හැකියාවක් පවතින බවත් මෙහිදී අවධාරණය කෙරිණි. 2022 ජනවාරි මස විදේශ ලේකම් මට්ටමින් පවත්වන ලද ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල 4 වැනි වටය අමාත්‍යවරයාගේ ඇගයුමට ලක්විය. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවත්නා දේශපාලන, සමාජීය, සංස්කෘතික සහ අධ්‍යාපනික ක්ෂේත්‍ර ආශ්‍රිත ශක්තිමත් සහයෝගීතාව පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 ඔක්තෝම්බර් 02 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...