‘ෆෝට් හුඩ්’ ප්‍රහාරකයාගේ මරණ දඬුවම මහජනතාවට සජීවීව නැරඹීමට ඇමරිකානු ආරක්ෂක ලේකම් අවස්ථාව සලසයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 :
ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස මරණ දඬුවමක් සජීවීව විකාශය කිරීමට කටයුතු සුදානම් වෙමින් පවතින බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර තිබේ.

2009 වසරේ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි ෆෝට් හුඩ් හමුදා කඳවුරේදී පුද්ගලයන් 13 දෙනෙකු ඝාතනය කළ හිටපු ඇමෙරිකානු හමුදා මේජර්වරයෙකු වන නීඩාල් මලික් හසන්ගේ මරණ දඬුවම මෙලෙස මහජනතාවට සජීවීව නැරඹිමට අවස්ථාව සැලසීම මඟින් එවැනි බරපතළ අපරාධවලට මුහුණ දීමට සිදුවන ප්‍රතිවිපාක පිළිබඳව ජනතාව අවබෝධ කරගත යුතු බව ආරක්ෂක ලේකම්වරයා වැදිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, විකාශනය සිදු කරන ආකාරය සහ එය නැරඹීමට අවස්ථාව ලැබෙන පිරිස් පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර මරණ දඬුවම සජීවීව විකාශය කිරීමේ තීරණය සම්බන්ධයෙන් නීතිමය හා සදාචාරාත්මක විවාදයක් ද මතුව තිබේ.

2009 නොවැම්බර් 5 වැනිදා ෆෝට් හුඩ් හමුදා කඳවුරේදී සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තවත් 32 දෙනෙකු තුවාල ලැබූහ. එවකට හමුදා මනෝචිකිත්සකවරයෙකු ලෙස සේවය කළ හසන්ට 2013 වසරේදී හමුදා අධිකරණයක් මගින් මරණ දඬුවම නියම කෙරිණි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙඩි තැබීමේ කණ්ඩායමක් යොදාගෙන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති අතර, එය 2026 දෙසැම්බර් 3 වැනිදා පස්වරු 1ට ෆෝට් හුඩ් කඳවුරේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ.

මෙම දඬුවම ක්‍රියාත්මක වුවහොත්, 1945 වසරෙන් පසු ඇමෙරිකානු හමුදාව වෙඩි තැබීමේ කණ්ඩායමක් යොදාගෙන මරණ දඬුවමක් ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව මෙය වනු ඇත. එමෙන්ම, 1961 වසරෙන් පසු ඇමෙරිකානු හමුදාව ක්‍රියාත්මක කරන පළමු මරණ දඬුවම ද මෙය වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ඔක්තෝබර් 10 වැනි...

අද සිකුරාදා චාමර සම්පත් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා...

චීවරයට මුවා වූ දුදනෝ කිසිදා නොවෙති යහපත්:විජිත හිමිගේ කතා පුවත ලොවට කී කතාව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙල්බර්න් නුවර පිහිටි...

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...