බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයක් – NPP බැංකු හා මූල්‍ය සංසදය පවසයි

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කුරුණෑගල දිස්ත්‍රික් විධායක කමිටු රැස්වීම පසුගිය 07 වැනිදා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ සහභාගීත්වයෙන් කුරුණෑගල බ්‍රාවෝ හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී රජයේ ආර්ථික ප්‍රතිපත්ති, පසුගිය දෙවසරක කාලය තුළ දේශීය හා ජාත්‍යන්තර අභියෝග මධ්‍යයේ අත්කරගෙන ඇති ආර්ථික ජයග්‍රහණ, දේශපාලන සංස්කෘතිය තුළ සිදුකර ඇති සාධනීය වෙනස්කම් සහ රටක් ලෙස අත්පත් කරගෙන ඇති අනෙකුත් ජයග්‍රහණ පිළිබඳව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කරුණු පැහැදිලි කළේය.

එසේම, රජයේ ආර්ථික වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ලෙස තවදුරටත් ලබාදිය හැකි දායකත්වය පිළිබඳව ද අමාත්‍යවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

2025 වසරේදී බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය වේගවත් වර්ධනයක් අත්කරගෙන ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය හා පෞද්ගලික බැංකු සිය ඉතිහාසයේ වාර්තා කළ ඉහළම ලාභදායීත්වය අත්කරගෙන ඇති බවත් මෙහිදී සඳහන් විය. එමෙන්ම, රාජ්‍ය බැංකු සේවකයන්ට ද ඉතිහාසයේ ඉහළම ප්‍රසාද දීමනා ලබාදීමට හැකි වී ඇති බව මෙහිදී අනාවරණය විය.

2025 වසරේදී මෙන්ම 2026 වසරේදී ද මෙරට ආර්ථිකය ස්ථාවරව හා ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් පවතින බවට සාධකයක් ලෙස ජාත්‍යන්තර ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ සහ ලංකා බැංකුවේ දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නාගේ ණය ශ්‍රේණිගත කිරීම (Long-Term Foreign-Currency Issuer Default Rating) CCC+ සිට B- දක්වා ඉහළ නැංවීම පෙන්වා දිය හැකි බව ද මෙහිදී සඳහන් කෙරුණි.

ඉදිරියේදී දිවයින පුරා බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදය ශක්තිමත්, පුළුල් සහ ඒකාබද්ධ සංවිධානයක් ලෙස ගොඩනැගීමට අපේක්ෂා කරන බව එම සංසදයේ කැඳවුම්කරු සමීර අල්විස් මහතා පැවසීය. ඒ තුළින් රජය ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ දායකත්වය උපරිමයෙන් ලබාදීමට කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

තවද, රාජ්‍ය බැංකු කිහිපයක මෙතෙක් නොවිසඳී පවතින විශ්‍රාම වැටුප් ගැටලු සඳහා සාධනීය විසඳුම් ලබාගැනීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදය කඩිනමින් මැදිහත් වෙමින් සිටින බව ද මෙහිදී අවධාරණය විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විෂ සහිත දුමාරය හේතුවෙන් මැලේසියාවේ පාසල් වසා දමයි; සිංගප්පූරුවේ වායු දූෂණය වාර්තාගත මට්ටමකට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : මැලේසියාවට...

කළුතර නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩි තැබීමකින් පුද්ගයෙක් මරුට.බිරිඳට තුවාල!

කොළඹ LNW:කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අද (9)...

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදීම අද!

කොළඹ LNW:කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග...

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ඔක්තෝබර් 10 වැනි...