ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අක්ෂි රෝහල වෙත අද (09) රැගෙන විත් තිබේ.
ඇසක පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ ඇය (08) බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර එහිදී ලබා දුන් වෛද්‍ය නිර්දේශ මත ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
‘සිරිලිය සවිය’ ගිණුම පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඇයව අත්අඩංගුවට ගැනීම සිදුවිය.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් ලක්ෂ 100ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම මගින් දූෂණය හා පොදු දේපළ පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබේ.


