ඔක්. 19 සිට රේගු ප්‍රකාශන සඳහා ඩිජිටල් අත්සන් අනිවාර්යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW :

ඔක්තෝබර් 19 වන දින සිට ආනයනකරුවන් සහ රේගු ප්‍රකාශන ඉදිරිපත් කරන්නන් විසින් රේගු ප්‍රකාශන සහ වෙනත් ලේඛන සඳහා ඩිජිටල් අත්සන් භාවිත කිරීම අනිවාර්ය කෙරේ.

ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසුවේ, 19 වන දිනෙන් පසුව දැනට පවතින ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කරන රේගු ප්‍රකාශන තවදුරටත් භාර නොගන්නා බවයි.

කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ඔක්තෝබර් 1 වන දින සිට ක්‍රියාත්මක විය.

ආනයනකරුවන් 4,000ක් පමණ දැනටමත් ඩිජිටල් අත්සන ලබා ගැනීම සඳහා අයදුම් කර ඇති බව ද චන්දන පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර වීසා නිදහස් කිරීමේ ගිවිසුමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක කටයුතු...

එක්සත් ජනපදය සඳහා ශ්‍රී ලංකා පළමු කාන්තා තානාපතිවරිය පත්වෙයි !

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාව විසින් එක්සත්...

හරිත බලශක්තිය? හරිත සංක්‍රාන්තියට හරිම පාර….

ලසන්ත ද සිල්වා හරිත සංක්‍රාන්තිය, පසුගිය දශකයේ වඩා කතාබහට...