සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW :

මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයින පුරා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන පිහිටුවීමට පියවර ගනිමින් පවතී.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සහ මෙම ආදර්ශ ගම්මාන හරහා මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම මෙම වැඩසටහන මගින් අරමුණු කරන බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන අංශයේ අධ්‍යක්ෂ ශාන්ත ගමගේ මහතා පැවසීය.

පොලිසිය, ප්‍රජා පොලිස් ඒකක, ග්‍රාම නිලධාරීන් සහ ස්වේච්ඡා සංවිධානවල සහාය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු මේ මස අවසානය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය වසර දෙකක කාලයක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට. 309 කට තුවාල !

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් අවම...