අපේ 18 හොරා කෑවෙ කවුද ? – විමල්ට ප්‍රශ්නයක්

Date:

ආණ්ඩු පාර්ශ්වයේ සිට විවිධ අවස්ථාවලදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තු විවාදවලදී අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් අද (06) දිනයේදීද සාකච්ඡාවට බඳුන් විය.

පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් 30 කට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරයි.

මේ පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු විවාද පැවැත්වෙන කාලසීමාව මිනිත්තු 30 කින් දීර්ඝ කර එම අතිරේක මිනිත්තු 30 ක කාලය ස්වාධීන මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟ වී තිබිණි. මීට අමතරව ආණ්ඩු පක්ෂය වෙත ලැබෙන 65% ක කාලසීමාවෙන් 05% ක් ඔවුන් වෙත ලබාදීමටද ආණ්ඩු පක්ෂයේ නායකයන් එකඟ වී තිබෙනවා.

ඒ අනුව ස්වාධීන මන්ත්‍රීවරුන් වෙත මිනිත්තු 48 ක කාලසීමාවක් වෙන්කර තිබේ.

අද පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් සඳහන් කළේ පක්ෂ නායක රැස්වීමේ තීරණය තවමත් ක්‍රියාත්මක නොවන බවයි. විවාද පැවැත්වෙන කාලසීමාව දීර්ඝ කර මිනිත්තු 30 ක් ලබා දී ඇති නමුත් ආණ්ඩු පක්ෂය එකඟ වූ 05% ක කාලසීමාව තවමත් ස්වාධීන මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන්කර නොමැති බව පෙන්වා දෙන වීරවංශ මහතා පවසන්නේ ඒ හරහා මිනිත්තු 18 ක් අහිමි කර ඇති බවයි.

ස්වාධීන මන්ත්‍රීවරුන් 35 දෙනා සඳහාම වෙන්කර තිබෙන්නේ මිනිත්තු 48 ක් පමණක් බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා. එම සීමිත කාලයෙන් මිනිත්තු 18 හොරා කෑවේ ආණ්ඩු පක්ෂයද විපක්ෂයදැයි විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...