දෙසැම්බර් වෙද්දි ආයෙත් අමාරුයි, තෙල් මිලත් වැඩිවෙයි – ජනාධිපති

Date:

දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි වනවිට යළිත් ඉන්ධන මිල ඉහළ යා හැකි බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනතුරු අඟවනවා. අද පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය අතරතුර ඔහු මේ බව සඳහන් කළේය.

වසර අවසානයේ සීත සෘතුව එළඹීමත් සමග යුරෝපා රටවල ඉන්ධන ඉල්ලුම ඉහළ යන බවත්, ඊට අමතරව එම කාලසීමාව වනවිට ඉන්ධන නිෂ්පාදනය පහත වැටීමක් සම්බන්ධයෙන් පුරෝකතනය කර තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ඔපෙක් සංවිධානය සිය නිෂ්පාදන අඩු කරන බව මේ වනවිටත් ප්‍රකාශ කර ඇති බව වික්‍රමසිංහ මහතා පවසයි.

ඉල්ලුමට සරිලන පැපයුමක් සිදු නොවීම හේතුවෙන් මිල ඉහළ යාම අනිවාර්ය බවත්, එහි අහිතකර බලපෑම වැඩිපුරම සිදුවන්නේ ශ්‍රී ලංකාව ඇතුළු තුන්වැනි ලෝකයේ රටවල බවත් පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසන්නේ දේශීය ඉන්ධන මිලද අනිවාර්යෙන් ඉහළ දැමීමට සිදුවන බවයි.

කෙසේ නමුත් ඉන්ධන මිල පාරිභෝගිකයන්ට දරාගත හැකි මට්ටමක රඳවා ගැනීමට දැන් සිටම සැළසුම් සකස් කරමින් තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...