භූමිතෙල් කරත්තවලට නම් හොඳ කලක් උදාවෙයි (Video)

මේ වනවිට මැදිවියේ පසුවන පුද්ගලයන්, සිය කුඩා කාලයේදී මහමග දුටු භූමිතෙල් කරත්ත යළිත් දැක ගැනීමට වාසනාවන්ත වී තිබෙනවා. ඒ ඉන්ධන හා ගෑස් අර්බුදය හේතුවෙනි.

මේ වනවිට කොළඹ ඇතැම් ප්‍රදේශවල භූමිතෙල් කරත්ත සතුව තිබූ පුද්ගලයන් යළිත් භූමිතෙල් අලෙවිය ආරම්භ කර තිබෙනවා.

ගෑස් හිගය හේතුවෙන් බොහෝදෙනා ගෑස් වෙනුවට භූමිතෙල් භාවිතා කිරීමට යොමුව තිබේ. මේ නිසා භූමිතෙල් සඳහා දැඩි ඉල්ලුමක් ඇතිව තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන හල් ආශ්‍රිතව වෙනදා පෙට්‍රල්, ඩීසල් පෝලිම් වෙනුවට භූමිතෙල් පෝලිම් දක්නට ලැබෙනවා. භූමිතෙල් පෝලිම්වල රස්තියාදු වීමට වඩා නිවස ආසන්නයට පැමිණෙන භූමිතෙල් කරත්තයෙන් ඉතා පහසුවෙන් භූමිතෙල් මිලදී ගැනීමට හැකිවීම නිසා භූමිතෙල් ව්‍යාපාරය කොළඹ නරගයේ සාර්ථකව ක්‍රියාත්මක වන බවයි භූමිතෙල් අලෙවියේ නියුතු පුද්ගලයෙකු මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...