රන්ජන්ට උසස් අධ්‍යාපන වරම්

බන්ධනාගාර ගතව සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට උසස් අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. රාමනායක මහතා විසින් සිදුකළ ඉල්ලීමක් පරිදි මෙම තීරණයට එළඹ තිබේ.

ඒ අනුව, විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ නායකත්ව පුහුණු, තරුණ කටයුතු සහ ප්‍රජා සංවර්ධන උපාධිය හැදෑරීමේ අවස්ථාව බන්ධනාගාරය තුළදී ඔහු හිමිවන අතර මාර්ගගත ක්‍රමය යටතේ දේශන සඳහා සහභාගිවීමටද අවස්ථාව හිමි වේ.

රන්ජන් රාමනායක මහතා නිදහස් කළයුතු බවට ඉල්ලීම් රැසක් ඉදිරිපත් වී තිබෙන නමුත් ඒ සඳහා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැත.

රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටිමින් උසස් පෙළ විභාගයට මුහුණ දුන් අතර මේ වනවිට ඔහු උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...