කැරම් ලෝක සූරතාවලියේ වැඩිම slams දක්ෂතා ප්‍රමාණය නිශාන්තගෙන්

Date:

කැරම් තරගයක තමන්ට ලැබෙන පළමු අවස්ථාවේදීම සියලු ඉත්තන් රැජිණත් සමඟ දමා තරගය අවසන් කිරීම slams යනුවෙන් හඳුන්වයි.එහිදී තමන්ට කළු ඉත්තන් දමන්නට ලැබෙන පළමු අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම බ්ලැක් ස්ලෑම්ස් ලෙස ද,සුදු ඉත්තන් දැමීමට ලැබෙන පළමු අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම වයිට් ස්ලෑම්ස් ලෙස දැ හැඳින්වේ.එහිදී සුදු හෝ කළු ඉත්තන් නවය සමඟ රතු ඉත්තාද (රැජිණ) එකවර දැමිය යුතුය.

මැලේසියාවේ පැවති අටවන ලෝක කැරම් සූරතාවලියේදී එවැනි slams දක්ෂතාවයන් වැඩිම අවස්ථා ගණනකදී සිදු කළ ක්‍රීඩකයා හැටියට ඇගයීමට පාත්‍ර වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක නිශාන්ත ප්‍රනාන්දු ය.මීට පෙර ලෝක සූරයා බවට ද,ලෝක සූරතාවය දිනූ කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ද,ශ්‍රී ලංකා කැරම් ඉතිහාසය තුළ හමුවන,විශිෂ්ඨතම ක්‍රීඩකයෙක් වන නිශාන්ත,මෙවර රටවල් 17 ක් නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩකයන් අතරින් වැඩිම slams ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා හැටියට ඇගයීමට පාත්‍ර වෙමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දුන්නේය.
සමස්ත තරගාවලියේ පිරිමි කණ්ඩායම් අනු සූරතාවයද,කාන්තා කණ්ඩායම් තරග අංශයේ ලෝකඩ පදක්කමද,පිරිමි යුගල තරග අංශයේ ලෝකඩ පදක්කම නිශාන්ත ප්‍රනාන්දු සහ සහීඩ් හිල්මි ද, පිරිමි ස්විස් ලීග් ඉසව්වේ ලෝකඩ පදක්කම සහීඩ් හිල්මිද ලෙස මෙම තරගාවලියේදි ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගන්නට අවස්ථාව ලැබිණ.

සෑම තරගයකම රන් පදක්කම ඉන්දියාව සතු විය.අටවන ලෝක සූරතාවලියේ පිරිමි අංශයේ සූරයා ලෙස ඉන්දියාවේ සන්දීප් දිවා ඇගයීමට පාත්‍ර වූ අතර,කාන්තා අංශයේ සූරිය වූයේ රශ්මි කුමාරි ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...