වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට සිදුනොවන්නට වගබලා ගනිමින් වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 100ක පෞද්ගලික ධන පරිත්‍යාගයක් කිරීමට අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා තීරණය කර තිබේ.

ඊයේ (26) යෙදී තිබුණු තම 66 වැනි උපන්දිනය වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදුකිරීමට තීරණය කළ බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළ රටේ පිළිගත් ප්‍රමුඛ පෙළේ විද්වතුන්ගෙන් සමන්විත කණ්ඩායමක් හරහා විවෘත අරමුදලක් නිර්මාණය කරමින් නිසි ක්‍රමවේදයක් යටතේ මෙම මුදල ලබාදීමට තමන් සූදානමින් සිටින බවත් ඒ මහතා පවසයි.

මේ පිළිබඳ පැහැදිලි කරමින් ඩඩ්ලි සිරිසේන මහතා විසින් තබන ලද ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.


රටේ වන අලි සම්පත අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 10 ක් ලබාදීමට මම සූදානම්.!

ආදරණීය මිතුරනි, මගේ 66 වෙනි උපන්දිනය අදට යෙදී තියනවා. ජීවිතේ කියන්නෙ හරි පුදුමාකාර චාරිකාවක් වුණත් දෛවය, උත්සාහය සහ කැපවීම නිසා මම අද වෙද්දි රටේ ඉහළම පිළිගැනීමක් සහිත දේශීය ව්‍යවසායකයෙක් බවට පත්වෙලා තියනවා.

මෙවර යෙදී ඇති මගේ උපන්දිනය වෙනුවෙන් ලොකු ප්‍රියසම්භාෂණ සංවිධානය කරල නැතත්, මගේ ආයතන මට්ටමින් පොඩි පොඩි සැමරුම් කිහිපයක් සංවිධානය කරලා තියනව කියලා දැනගන්නට ලැබුණා.

ඉතින් උදේන්ම අවදි වෙලා මේ සටහන ලියන වෙලාවෙත් මම කල්පනා කළේ මීට වසර පනහකට කළින් රැකියාවක් කරන්න කියල හිතාගෙන ගෙදරින් පැනල ආපු ඩඩ්ලි කියන හිතුවක්කාර තරුණයගෙ ජීවිතය අද කොයි තරම් නම් දුරකට පරිවර්තනය වෙලා තියනවද කියන එකයි.

මිත්‍රවරුනි, පහුගිය දෙසතියේම කාවන්තිස්ස මහ ඇතාට වුණ දේත් එක්ක මගේ හිත වෙනදා නොවූ තරමින් පුදුමාකාර විදියට පෑරිලයි තිබුණෙ. ඉතින් මෙවර මගේ උපන්දිනය වෙනුවෙන් මට වගේම රටටත් දැණෙන දෙයක් කරන්න කියලයි මම කල්පනා කළේ. ඉතින් මගේ හිතට ආපු එක්තරා අදහසක් සම්බන්ධයෙන් මම මගේ පුතා දිමිත්‍ර එක්ක කතා කරාම, එයා එක පයින් ඒකට කැමති වුණේ සතුන් සම්බන්ධයෙන් මගේ තියන ආදරය එයා හොඳාකාරවම හඳුනන නිසයි.

ඒ නිසා කාවන්තිස්සගෙන් ඉගන ගත් පාඩම යළිත් වෙනකෙකුට සිදු නොවන්නට වගබලා ගනිමින්, වන අලීන්ගේ සුබසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 100 ක පෞද්ගලික ධන පරිත්‍යාගයක් කරන්න මගේ උපන්දිනය දවසේ මම තීරණය කළා. විශේෂයෙන්ම මෙම මුදල් පරිත්‍යාගය සිදුකිරීමේදී අප අතරින් වියෝවූ මාගේ සුරතලා වූ ‘බංචී’ ද බොහෝමත්ම ආදරයෙන් යුතුව මා සිහිපත් කරනවා.

මේ මුදල් නුදුරු දින කිහිපයේදී රටේ පිළිගත් ප්‍රමුඛ පෙළේ විද්වතුන්ගෙන් සමන්විත කණ්ඩායමක් හරහා විවෘත අරමුදලක් නිර්මාණය කරමින් නිසි ක්‍රමවේදයක් යටතේ ලබා දෙන්න මම සූදානමෙන් ඉන්නවා.මේ සම්බන්ධයෙන් නුදුරු දිනයේදීම රටේ ජනතාව වෙත දැනුම් දෙන්නටත්, ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා යන දෙදෙනාම සම්බන්ධ කරගනිමින් මේ හරහා සත්ව සුබසාධනය වෙනුවෙන් පුළුල් කතිකාවතක් නිර්මාණය කරන්නත් අදට යෙදී ඇති මාගේ උපන්දිනය දවසේ මම තීරණය කළා.

~ ඩඩ්ලි සිරිසේන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...