ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 :
2026 ඔක්තෝබර් 28 වනදා වාර්තා වූ අර්ධ නිල ප්‍රතිඵල අනුව, ඡන්දවලින් අඩකට වැඩි ප්‍රමාණයක් ගණනය කර තිබූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කණ්ඩායමට ආසන 55ක් පමණද, ප්‍රධාන විපක්ෂ නායක ගාඩි අයිසන්කොට්ගේ කණ්ඩායමට ආසන 50ක් පමණද හිමිවනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

ඊශ්‍රායල පාර්ලිමේන්තුව වන නෙසට්හි ආසන 120ක් පවතින අතර, ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවම වශයෙන් ආසන 61ක බහුතරයක් අවශ්‍ය වේ. ඒ අනුව, ප්‍රධාන කණ්ඩායම් දෙකටම ආණ්ඩුවක් පිහිටුවීමට අමතර පක්ෂවල සහාය ලබාගැනීම අත්‍යවශ්‍ය වී තිබේ.

මේ අතර, අරාබි පක්ෂවලට ලැබෙන සහාය ඉහළ යාමත් සමඟ නව ආණ්ඩුවක් පිහිටුවීමේදී එම පක්ෂවල සහාය තීරණාත්මක විය හැකි බව වාර්තා වන අතර ඡන්ද ගණනය අවසන් වීමෙන් පසු පක්ෂ අතර ආණ්ඩු පිහිටුවීමේ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, අවසන් ප්‍රතිඵලය අනුව ඊශ්‍රායලයේ මීළඟ දේශපාලන බලය තීරණය වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...

කුරුල්ලෙක් ගැටුණු ශ්‍රී ලන්කන් ගුවන් යානය ගොඩබස්වයි!

කොළඹ LNW:කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ලන්ඩන් බලා ගිය ශ්‍රී ලන්කන්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මිලියන 270ක ව්‍යාපෘතියක්!

කොළඹ LNW:උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය යළි නගාසිටුවමින්, මත්ස්‍ය...